උද්ඝෝෂණ කරන්නේ කොවිඩ් පතුරුවල රට වහන්න…! රට වැහුවත් රාජ්‍ය සේවකයින්ට වෙලාවට පඩි ලැබෙනවා…! අමාරුවේ වැටෙන්නේ හම්බ කරන් කන මිනිස්සු…!

August 5, 2021 at 10:17 pm | by emanisa.lk

විපක්ෂය රට පුරා උද්ඝෝෂණ මෙහෙයවමින් කෝවිඩ් වසංගතය උග්‍ර කර රට වසා දැමීමටත් රට අස්ථාවර කිරීමටත් උත්සාහ කරන බවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර චෝදනා කරයි.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පොහොර, ගුරු වැටුප්, ඉන්ධන ආදී විවිධ ප්‍රශ්න යොදා ගෙන රට පුරා උද්ඝෝෂණ සංවිධානය කරමින් වසංගතය ව්‍යාප්ත කරන බවත් ඇමැතිවරයා පවසයි.

රට වසා දැමුවත් ලක්ෂ 20ක් පමණ වන රාජ්‍ය සේවකයින් සඳහා වැටුප ලැබෙන බවත් සෙසු ජනතාව කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ වන බවත් කාංචන විජේසේකර පෙන්වා දෙයි.

අද (05) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *