වසර 30කට පසු කන්තලේ සීනි කම්හලට පණ දෙන්න සූදානම්! රැකියා 6000ක් සමග පිට රටට ගලන රු. කෝටි 4000ක් රටට ඉතිරි වෙයි!

December 26, 2019 at 9:03 am | by emanisa.lk

වසර 30 ක් තිස්සේම වසා දමා තිබූ කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වෙයි. මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ නැගෙනහිර පලාතේ නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ය.

රටටම සීනී නිෂ්පාදනය කරමින් උක් ගොවීන්ගේ ජීවිත සුඛිත මුදිත කළ කන්තලේ සීනි සමාගම වසා දමා මේ වන විට වසර 30 කට ආසන්නය.

2017 වසරේදි පමණක් සීනි ආනයනය කිරීම සඳහා රු. මිලියන 39041 ක පමණ මුදලක් වැය වී ඇති අතර 2018 වසරේදී එම මුදල රුපියල් මිලියන 40045දක්වා ඉහළ ගොස් තිබේ.

එහෙත් පසුගිය කිසිම ආණ්ඩුවක් මෙම කර්මාන්ත ශාලාවට නැවත පණ දී සීනි සඳහා පිට රටවලට යන මුදල ඉතිරි කර ගැනීමට කටයුතු කර නොමැත.

කෙසේ වුවද නව ආණ්ඩුකාරවරිය ඒ සඳහා අලුත් ආයෝජකයකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබේ. ඒ පසුගියදා එහි සංචාරය කළ අවස්ථාවේය.

කන්තලේ සීනී සමාගම යළි ආරම්භ කළහොත් වසරකදී රු. මිලියන 40,000 ක් හෙවත් රුපියල් කෝටි 4000 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන අතර සෘජු සහ වක්‍ර රැකියා 6000 කට ආසන්න ප්‍රමාණයක් බිහි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස