ලංකාවේ පොලිසියට සහ හමුදාවට වරාය නගරයට ඇතුළු විය හැකි දැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.
ඇතැම් විට වෙනත් රටක හමුදාවක් සහ පොලිසියක් වරාය නගරයේ සිටිනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ආණ්ඩුව වක්‍රාකාරයෙන් වරාය නගරය චීනයට පැවරීමට කටයුතු කරන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.
ආණ්ඩුව දේශප්‍රේමීත්වයේ ඇඳුම් ඇඳගෙන රටෙන් කොටසක් විකිණීමට සූදානම් බවත් තමන් ඒ සඳහා ඉඩ නොතබන බවත් මද්දුමබණ්ඩාර අවධාරණය කළේ ය.