වරාය නගරය නවීන චීන කොලනියක්….! මේ රටේ භූමිය බදු දෙන්න ආණ්ඩුවට බෑ,…! – ඕමල්පේ සෝභිත හිමි….

April 17, 2021 at 2:52 pm | by emanisa.lk

මෙරට භූමිය විදෙස් රටවලට බදු දීමට හෝ විකිණීමට වසර කිහිපයක් සඳහා බලයට පැමිණෙන රජයකට කිසිදු අයිතියක් නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.

“බෙදුම්වාදී කණ්ඩායම් රට කොටස් වශයෙන් බෙදාගන්න ගත් උත්සහය අවුරුදු 30ක අරගලයකින් අවසන් කළා. දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේම තවත් ප්‍රශ්නයකට.

ඒ වෙනත් උපාය මාර්ග මගින් රටේ කොටස් අත්පත් කරගන්නා උත්සාහය. අපි ඒක දකිනවා වරාය නගරය එසේත් නැත්නම් නවීන චීන කොළනිය ලෙස. බිහිවීමට නියමිත නව චීන කොළනිය ප්‍රතික්ෂේප විය යුතුයි.

අවුරුදු 5කට හෝ 6කට බලයට එන ඔබලාට අයිතියක් නෑ, යුතුකමක් නෑ ශතවර්ෂ ගණනාවකට රටේ බිම් කොටස් ඒ ඒ කණ්ඩායම්වලට බදු දෙන්න හෝ විකුණන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස