වර්ගවාදී අධ්‍යාපන ආයතන රටට එපා! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

May 17, 2019 at 8:22 am | by admin

ජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන රට තුළ බිහිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මඩකලපුවේ ඉදිවෙමින් පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳව ලැබෙන තොරතුරු එතරම් හොඳ නැති බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

මේ නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ආයතනය පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි බවත්, එම තොරතුරු ලැබුණු පසු මෙම ආයතනය අහෝසි කරනවාද නැද්ද යන්න හෝ රජයට පවරාගත යුතුද යන අරගලය ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.

රටට නොගැළපෙන අධ්‍යාපන ආයතන සයිටම් පරාජය කළ ආකාරයටම පරාජයට පත් කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස