ලෝක නායකයන්ට බයේ මෛත්‍රී-රනිල් සහරාන්ලා ඇල්ලුවේ නෑ! – පාස්කු කොමිසමේ දී හෙළිවෙයි….

September 13, 2020 at 9:41 pm | by emanisa.lk

මුස්ලිම් කණ්ඩායම් අතර අන්තවාදය වර්ධනය වන බවට බුද්ධි තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර ලැබී තිබුණු බව එවක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ධුරයේ කටයුතු කළ ජගත් පී. විජේවීර පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේය.

එය ජනාධිපතිවරයාට මෙන් ම අගමැතිවරයාටත් වැටහී තිබුණු බවත් නිරතුරුව විමසිල්ලෙන් සිටින ලෙස ඔවුන් නිලධාරීන්ට උපදෙස් දුන් බවත් හෙතෙම අනාවරණය කළේය.

කෙසේ වුව ද නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගැනීම නිසා අන්තර්ජාතික බලපෑම් විශේෂයෙන් මැදපෙරදිග රටවලින් බලපෑම් එල්ල වෙතැයි යන මතයේ ජනපති සහ අගමැති සිටි බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

යහපාලන ආණ්ඩුවට අන්තවාදයට එරෙහිව කෙළින් තීන්දු ගත හැකි ශක්තිමත් පිට කොන්දක් නොතිබුණු බවත් අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණ මුස්ලිම් නායකයන්ගේ බලපෑම් නිසා යටපත් වූ බවත් තමන්ට හැඟී ගිය බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස