ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇත.
මෑතක දී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයි ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔහු දරන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇත.