කල් පැවැත්ම හොඳ නම් මරණ දඬුවම හිමි සිරකරුවන් නිදහස් කරනවා! – ලොහාන් රත්වත්තේ

December 7, 2020 at 3:06 pm | by emanisa.lk

මරණ දඬුවම හිමිව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස් කිරීමට බන්ධනාගාර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මරණ දඬුවමට යටත් කර ඇති සිරකරුවන් දීර්ඝ සිර දඬුවමකට යටත් කර අනතුරුව මුදා හැරීමට යෝජනා වී තිබේ.

මේ සම්බන්ධ යෝජනාව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

කෙසේ වුවද සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ස්ත්‍රී දූෂණ සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයන් වෙත මෙම අවස්ථාව හිමි නොවෙයි.

සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කරන කමිටුවේ නිර්දේශ මත නිශ්චිත කාලයක් යහපත් කල් පැවැත්මෙන් යුතුව සිරගතව සිටි අයවලුන් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇත.

මෙලෙස සමාව දීමට සූදානම් වන ගණයට වැටෙන මරණ දඬුවම හිමි වූ සිරකරුවන් දහසක් පමණ දිවයින පුරා බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *