මැණික් ගැරීමට තිබූ සීමා ඇමැති විමල් ලිහිල් කරයි…! බදු ඔප්පුවලටත් මැණික් ගැරීමේ බලපත්‍ර….!

July 13, 2021 at 7:05 pm | by emanisa.lk

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව කර්මාන්ත විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ විසින් සාදන ලද නියෝගවලට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති එම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී එකඟතාව හිමිවිය.

මේ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීම සඳහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද මෙම නියෝග ගැසට් කරන ලද්දේ 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1 සහ 2021 අප්‍රේල් 01 දිනැති අංක 2221/49 දරන ගැසට් පත්‍රයන්හි ය.

කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උපදේශක කාරක සභා රැස්වීමට කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ, ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස