මට ලැබුණේ ස්වර්ණාභරණ අමාත්‍යංශය! නමුත් මට උවමනා වුණේ මහා මාර්ග අමාත්‍යංශය! – ලොහාන් රත්වත්තේ

August 14, 2020 at 12:17 pm | by emanisa.lk

තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ පවසයි.

“මම මේ අමාත්‍යාංශය බලාපොරොත්තුව හිටියෙ නෑ. හැබැයි අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත මං මේක බාරගත්තා. ඒ අවශ්‍ය විදියට හොර මැර වංචා දූෂණ නැතුව මේ අමාත්‍යාංශය ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට මං බලාපොරොත්තු වෙනවා.

මම ඇත්තෙන්ම බලාපොරොත්තු වුණේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශය. ඒක ලැබුණෙ නෑ, හැබැයි ඉතිං ඒකෙ ප්‍රශ්නයක් නෑ. මට වගකීමක් බාරදුන්නොත් ඒ වගකීම මං 100%ක් ඉෂ්ඨ කරනවා”

අමාත්‍ය ලොහාන් රත්තවත්තේ මේ බව පැවසුවේ ඊයේ (13) නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩ බාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස