ලහිරුට පහර දුන් කතාව බොරු…! ඔහු අධික රුධිරු පීඩන රෝගියෙක්….! – අධිකරණ වෛද්‍ය නිලධාරී…

September 12, 2022 at 8:44 am | by emanisa.lk

මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අරගල නියමු, පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරී ලහිරු වීරසේකර ඇප මත මුදාහැර ඇත.

පහරදීමෙන් තුවාල සිදු වූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අනුව ඔහුට පහර දීමක් සිදුකර නැති බව ද සැකකරුට අධික රුධිර පීඩනය තිබූ බවට ද තහවුරු වූ බව පොලිසිය කියයි.

රෝගී තත්ත්වය සලකා ලහිරු වීරසේකර බන්ධනාගාරය මගින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *