රනිල් උඹ නයාට ගහල පොල්ල වරද්ද ගත්තා…! – ලහිරු වීරසේකර..

July 22, 2022 at 10:01 am | by emanisa.lk

ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වීමට සූදානමින් සිටි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි.

එහෙත් උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල මැරයින් සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

රනිල් වික්‍රමසිංහ නයාට ගහල පොල්ල වරද්ද ගත් බවට ද ලහිරු වීරසේකර අනතුරු ඇඟවූයේ ය.

ගාලු මුවදොරට පිවිසෙන සියලු මාර්ග වසා දමා කිසිවෙකුට මේ වන විට අරගල භූමියට පැමිණිය නොහැකි ලෙස වටලා ඇතැයි ද හෙතෙම පවසයි.

මෙම ප්‍රහාරය මගින් පෙන්නුම් කර ඇත්තේ තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ විරෝධතා කරන සියලු ජනතාව මර්දනය කරන බවට වන පණිවිඩය යැයි ද ලහිරු වීරසේකර චෝදනා කළේය.

අද (22) අරගල භූමියේ සිට මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *