සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නේ ජනතාවට කෙළින්න..! අපි විරුද්ධයි…! – ලහිරු වීරසේකර…

August 17, 2022 at 9:19 am | by emanisa.lk

පාර්ලිමේන්තුව තුළ සිටින පිරිස සමගි වී ගොඩනඟන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය නැති බව අරගල ප්‍රධානියෙකු වන ලහිරු වීරසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම පිරිස සමගි වී කරන්නේ මේ රටේ ජනතාවට කෙළින එක බවයි.

ගාලු මුවදොර අරගලකරුවන් ලෙස ජනතාවට තීරණ ගැනීමේ බලය සහිත මහජන කවුන්සිලයක් තමන් යෝජනා කළ බවත් හෙතෙම පවසයි.

අරගලයේ ඊළඟ අදියරක් ලෙස මහජන කවුන්සිලයේ කටයුතු ආරම්භ කරන බවයි, ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *