අරගල නායකයින්ට විදෙස් ගමන් තහනමක් පැනවීම විහිළුවක්…! අරගල කළේ රට හදන්න මිස රට පනින්න නෙමෙයි…! – පුබුදු ජයගොඩ….

July 27, 2022 at 3:08 pm | by emanisa.lk

ජීවන්ත පීරිස් පියතුමා, ජෝෂප් ස්ටාලින්, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ සහ එරංග ගුණසේකර ඇතුළු අරගල නායකයින්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ, ලංකාවේ ජනතාව වෙනුවෙන් සටන් කළ එම අරගල නායකයින්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීම විහිළුවක් බවයි.

දහස් ගණන් පෝලිමේ ගොස් පාස්පෝට් හදාගෙන රටින් පළා යන යුගයක, ජීවන්ත පීරිස් පියතුමන්ලා කෙසේ හෝ මේ රට ගොඩනැඟීම සඳහා නතර වූ බව ද ඔහු අවධාරණය කළේය.

අරගල නායකයින්ට සිංගප්පූරුව, මාලදිවයින, උගන්ඩාව හෝ ඇමරිකාව වෙත යාමේ අවශ්‍යතාවක් නැතැයි ද පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *