ලංකාවේ සංචාරය කරන්න යන්න එපා…! ආණ්ඩුව ඔබේ සල්ලි කොල්ලකනවා..! – සුනන්ද දේශප්‍රිය ලෝකයට ම කියයි…

January 26, 2022 at 3:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණියහොත් රැගෙන එන මුදලෙහි වටිනාකමින් 4/1ක් පමණ අහිමි වනු ඇතැයි සුනන්ද දේශප්‍රිය පවසයි.

ලංකා ආණ්ඩුව සංචාරකයින් රට තුළ සිදුකරන වියදම් සඳහා ඩොලර් භාවිතයට නියම කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් ඩොලර්වලට ලංකාව නියම කර ඇත්තේ අඩු මිලක් බවත් ඩොලරයක් සඳහා කළුකඩේ වැඩි පුර රු. 40-50ක් ලබාගත හැකි බවත් සුනන්ද වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එහෙයින් ලංකාවේ සංචාරය කරන්නේ නම් දෙවරක් සිතන ලෙස ද ඔහු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් සිදුකරයි.

මේ අතර ලංකාවේ සංචාරය කළ සංචාරකයින් පිරිසක් ලංකාව පෙරටත් වඩා ආරක්ෂිත නිසා ලංකාවේ සංචාරය කරන ලෙස ඉල්ලා සිටින ඡායාරූපයක් ද අන්තර්ජාලයේ සංසරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *