ලංකාවේ ශ්‍රේෂ්ඨතම දේශපාලකයා පාලිත තෙවරප්පෙරුම..! සියලු දේශපාලකයන් ඔහු වගේ වුණොත් ලංකාවට ඇමරිකාවට වඩා දියුණු වෙනවා….! – ශුක්රා මුනව්වර්

January 21, 2021 at 9:06 pm | by emanisa.lk

ඇමැති පාලිත තෙවරප්පෙරුම රූපවාහිනියේ දකින විට ඔහු නම් සුපිරි දේශපාලකයෙකු යැයි තමන්ට සිතුණු බව ශුක්රා මුනව්වර් පවසයි.

පසුගියදා සිරස ලක්ෂපති තරඟය සමග ජනප්‍රියත්වයට පත් ශුක්රා මුනව්වර් මුණ ගැසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගාල්ල කටුගොඩ ඇගේ නිවසට ගිය අවස්ථාවේ ඇය මේ බව සඳහන් කළා ය.

තමාට කිසි දිනක පාලිත තෙවරප්පෙරුම මුණ ගැසීමට හැකි වනු ඇතැයි නොසිතූ බවත් ඔහු ශ්‍රේෂ්ඨ චරිතයක් බවත් මුනව්වර් පෙන්වා දෙයි.

ඔහු වැනි චරිත දේශපාලනයේ සිටින්නේ නම් අපේ රට ඇමරිකාවටත් වඩා දියුණු වනු ඇතැයි ද ඇය කීවා ය. ලංකාවේ දේශපාලකයන් පාලිත තෙවරප්පෙරුම වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වුවහොත් ශ්‍රී ලංකාව නැමති නාමය ලොව ඉහළින් ම බැබළෙනු ඇතැයි ද මුනව්වර් අනාවරණය කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *