ශ්‍රී ලංකාවේ රස්සා ලබා දෙන්නේ සිංහලයන්ට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් පවසයි.
වෙනත් රටක රිය අනතුරක් සිදු කළේ නම් ජාතිය ජන්මය නොවිමසා දඬුවම් ලබා දෙන බව ද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ලංකාවේ රිය අනතුරක් වූ විට ජාතිය විමසන බවත් රියදුරා මුස්ලිම් නම් පොලිසිය දඬුවම් කරන බවත් විජිත හේරත් පවසයි.
එම අනතුර සිදුකළේ සිංහලයෙක් නම් රු. 100ක් ලබා ගෙන ඔහු නිදහස් කරන බව ජවිපෙ ප්රචාරක ලේකම්වරයා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රකාශය ලබා දෙන්නේ බෙදුම්වාදී කොටි කණ්ඩායම්වල උවමනාව මත මේ රටේ සුළු ජාතීන්ට එරෙහිව හිංසනය ක්‍රියාත්මක වන බවත් එහෙයින් දෙමළ ජනතාවට වෙනම ඊළමක් ලබා දීම යුක්ති සහගත බව ලෝකයට ඒත්තු ගැන්වීමට බවත් සමාජමාධ්‍යවල පෙන්වා දී තිබේ.