ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි…..! පළමු එන්නත් මාත්‍රාව හමුදා නිලධාරීන් තිදෙනෙකුට…!

January 29, 2021 at 10:22 am | by emanisa.lk

කොරෝනා මර්දනය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත, කොරෝනා මර්දන සටනේ ඉදිරියෙන් ම සිටින පිරිස් වෙත ලබා දීම අද (29) පෙරවරුවේ ආරම්භ විය.

ඒ අනුව නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීම සිදු කෙරුණි. ඒ අවස්ථාව සඳහා යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්ව සිටියේ ය.

මෙ රට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කිරීමේ නිල සමාරම්භක උත්සවය කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් අයි.ඩී.එච්. රෝහලේ දී ආරම්භ විය.

අයි.ඩී.එච්. රෝහලට අමතරව තවත් රෝහල් පහක දී මෙම එන්නත අද (29) ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.

එසේම දළ වශයෙන් රෝහල්වල මුළු කාර්ය මණ්ඩලයෙන් 25%කට පමණ එක් දිනක දී එන්නත් කිරීම කරන බවත් දින 5ක් ඇතුළත එන්නත කිරීම සිදුකර අවසන් කරන බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

තවද අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධ ගබඩාවලට එන්නත බෙදාහැරීම අවසන් වූ පසු එම රෝහල්වල ද එන්නත් කිරීම සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස