ලංකාවේ ආර්ථික වර්ධනය වැටුණේ ආණ්ඩුවේ බදු සහන නිසායි! – පාඨලී

November 13, 2020 at 7:20 am | by emanisa.lk

ආණ්ඩුව කවර පුරෝකථන කළ ද මේ වසරේ රාජ්‍ය ආදායම රු. බිලියන 1300 නො ඉක්මවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක පවසයි. මෙවර අගමැතිවරයා අයවැය මගින් ඉදිරිපත් කර ඇත්තේ රුපියලක ආදායමක් මගින් රු. 3ක වියදමක් දරන ආකාරය බව ද හෙතෙම සඳහන් කළේ ය.

යහපාලන ආණ්ඩුව මේ රටේ මූල්‍ය ස්ථායිකරණයට පදනම දැමූ නිසා 2014 රු. බිලියන 1000ක් වූ රාජ්‍ය ආදායම 2019 වන විට රු. බිලියන 2000 දක්වා ඉහළ ගිය බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2020 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන පුරෝකථනය -1.6ක් බවත් ඊට හේතුව ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බරයේ ධන කුවේරයන්ට ලබා දුන් බදු සහන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස