මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් ජී.එස්.පී. ප්ලස් අහෝසියි! – යුරෝපා සංගමය

June 30, 2019 at 10:00 am | by emanisa.lk

ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. බදු සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීන්දු කර ඇත.

ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිවේදනය කළ පසු කැනඩාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් ගණනාවක් එයට දැඩි විරෝධය පළකරමින් නිවේදන නිකුත් කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් ද ජනාධිපතිවරයාගෙන් මේ ගැන කරුණු විමසා තිබිණි.

එහෙත් කෙතරම් බාධා පැමිණිය ද රජය ඉතා ඉක්මණින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කළහොත් වාර්ෂිකව යුරෝපා ප්‍රජාව සහ ශ්‍රී ලංකාව අතර කෙරෙන රුපියල් බිලියන 525කට අධික ගනුදෙනු අඩාල වනු ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයද අඩාල වී තිබියදී ජී.එස්.පී. ප්ලස් බදු සහනයද අහෝසි වුවහොත් එය විශාල ආර්ථිකමය අර්බුදයක් බවට පත්වීමට ඉඩ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස