ලංකාවෙන් තවත් කොරෝනා අසාදිතයන් 4ක්! දැන් මුළු ආසාධිතයන් ගණන 22යි!

March 16, 2020 at 7:39 pm | by emanisa.lk

22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.

13 හැවිරිදි ගැහැණු ළමයෙකු ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අද දහවල් හඳුනා ගැණුනි.

50 හැවිරිදි සහ 37 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඔවුන් තිදෙනා අතර වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 22ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස