ලංකාවට වඩා භූගත ජල මට්ටම අඩු රටවල් කොරෝනා මරණ භූමදානය කරනවා! මෙහේ බෑ කියන්නේ ඇයි! – අධිකරණ ඇමැති අලි සබ්‍රි

November 12, 2020 at 4:29 pm | by emanisa.lk

ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටමක් සහිත ලොව රටවල් ගණනාවක් කොරෝනා මරණ භූමදානය සිදුකරන බව අධිකරණ ඇමැති අලි සබ්‍රි පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ෆෙස්බුක් සටහනක් තබමිනි.

ලෝක ප්‍රකට Science සඟරාව උපුටා දක්වමින් ඔහු පවසන්නේ කැනඩාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නෙදර්ලන්තය සහ රුසියාවේ භූගත ජල මට්ටම් ලංකාවට වඩා අඩු මට්ටමක පවතින බවයි.

එසේ ම එම රටවල කොරෝනා ආසාදිත මරණ භූමදානය කරන බව සඳහන් කරන ඇමැතිවරයා එය ආගම්වාදය හෝ වර්ගවාදය මත නොව විද්‍යාව මත පදනම් වන බව ද පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ භූමදානය කළ නොහැකි වන්නේ මෙ රට පොළොවේ ඉතා අඩු භූගත ජල මට්ටමක් තිබීම නිසා බවට මහාචාර්ය මෙත්තිකා විතානගේ විසින් මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස