අර්ජුන, සංගා සහ මහේල සිය තරුණ කණ්ඩායම වෙනුවෙන් පෙරට එයි!

February 19, 2019 at 2:40 am | by admin

පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවති පළමු ටෙස්ට් තරඟය ජය ගැනීමෙන් පසු ක්‍රීඩකයන් පෞද්ගලිකව හමුවක දී සිදු කළ අදහස් දැක්වීම් කිසිවකු පටිගත කර මාධ්‍ය වෙත මුදා හැර තිබිණි. එය සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වූ අතර ඇතැමුන් ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාපය විවේචනය කළහ. කෙසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වන අර්ජුණ රණතුංග, කුමාර සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධන ද සිය කණ්ඩායමට පක්ෂව මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

ක්‍රීඩා කණ්ඩායමක් පෞද්ගලිකව කතාබහ කරන දෑ පටිගත කර ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද තමන්ට ද මෙවැනි ප්‍රශ්න තිබුණ ද ඒවා තමන් සමග සිටියේ පරිණත කණ්ඩායමක් නිසා පිටතට නො පැමිණි බව කුමාර සංගක්කාර පවසයි.

කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් ඉතාමත් වගකීමෙන් අදහස් දැක්වූ බවත් ඒවා අවාසනාවකට මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවත් මහේල ජයවර්ධන පවසයි. මෙවැනි දෑ නැවත මාධ්‍ය වෙත නිකුත් නොවීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත් එම වීඩියෝව දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

තරඟයක් ජයගත් පසු තමන් ක්‍රීඩා කළ කාලයේ මීට වඩා දේවල් කතා කර ඇති බවත් මීට වඩා දේවල් සිදුව ඇති බවත් පවසන අර්ජුන රණතුංග වැඩි දුරටත් පවසන්නේ ඒවා පිටතට නොගිය බවයි. එහෙයින් මෙම වීඩියෝව පටිගත කළ පුද්ගලයා සහ එය මාධ්‍ය වෙත ලබා දුන් පුද්ගලයා කණ්ඩායමෙන් එළවා දැමිය යුතු යැයි ඔහු අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *