රෙජි වළෙන් නැගිටලා සාපෙළ අසමත් ප්‍රසන්නට කනට ගහයි! ශ්‍රීලනිපය කියන්නේ ප්‍රසන්නලා හැදුණු තැන!- දයාසිරි

July 8, 2020 at 8:35 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංගට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට රෙජි රණතුංග සොහොනෙන් නැගිට ප්‍රසන්න රණතුංගට කණේ පහරකුත් ගසා මේ අපි හැදුන තැන බව තේරුම් කර දෙනු ඇති බවද මහ ලේකම් වරයා සඳහන් කරයි.

ආචාර්ය නාලක ගොඩහේවා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි යන ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලැයිස්තුවේ සිටින බුද්ධිමතුන්ට අපොස සාමාන්‍ය පෙළ අසමත් ප්‍රසන්න රණතුංග අභියෝගයක් නොවනු ඇති බවද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස