පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට තිබේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාරතුංග, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සී. දොලවත්තය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ද ඇතුළත් බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා රුපියල පාකර හරිමින් පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ජනතාවට දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ හැර බලාසිටීමට විරෝධය පළකරමිනි.
මූලාශ්‍රය – aruna