ආණ්ඩුව ගෙදර යවන්න සාකච්ඡා ඇරඹේ..! සජබ ශ්‍රීලනිප ආණ්ඩුවක් සූදානම්…!

November 21, 2021 at 8:08 am | by emanisa.lk

මෙම දුෂ්ට රාජද්‍රෝහී අකාර්යක්ෂ ආණ්ඩුවට එරෙහිව ගැලපෙන ඕනෑ ම පාර්ශ්වයක් සමග සන්ධානගත වීමට සමගි ජනබලවේගය සූදානම් බව එහි ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

තමා මෙය ඉතා ම වගකීමෙන් ප්‍රකාශ කරන බව ද සජබ විධායකවරයා අවධාරණය කරයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටු වීමට සූදානම් දැයි මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අජිත් පී. පෙරේරා මේ බව ප්‍රකාශ කළේය.

මේ සඳහා දැනටමත් සමගි ජන බලවේගය සාකච්ඡා ආරම්භ කර ඇති බව ද හෙතෙම තහවුරු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *