ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්න ජාති ආගම් භේද නැතිව විපක්ෂය එකමුතු විය යුතුයි…! – වජිර..

November 23, 2021 at 7:50 am | by emanisa.lk

විපක්ෂයේ සියලු බලවේග ජාති, ආගම් භේදයෙන් තොරව එකතු නොවුණහොත් ඉදිරි මැතිවරණයේ දී ආණ්ඩුව පරාජය කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා පෙරේදා (21) හම්බන්තොට මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසයේ පැවැති ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයේ දී සියලු බලවේග එකතු වූවත් දිස්ත්‍රික් 13ක්ම පරාජයට පත් වූ බව සිහිපත් කළ හෙතෙම දින 100 ආණ්ඩුවෙන් ලක්ෂ 10ක වැඩසටහන් 14,022ක් ක්‍රියාත්මක කර රාජ්‍ය සේවක වැටුප් දෙගුණයක් කර පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් මිළ අඩු කර රනිල් වික්‍රමසිංහ මැජික් එකක් පෙන්වා තිබියදීත් 2015 අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන්ද එම දිස්ත්‍රික්ක පරාද වී එක්සත් ජාතික පෙරමුණට ලබා ගත හැකි වූයේ මන්ත්‍රී ආසන 106ක් බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස