රාජිත, රංජිත්, ගයන්ත, හර්ෂ, ඉරාන්, තලතා…? සජබ විස්සක් නුදුරේ දීම ආණ්ඩුවට…!

August 18, 2022 at 12:14 pm | by emanisa.lk

තමා ඇතුළු විස්සකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක් වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබේ.

එම මන්ත්‍රීවරු පිරිස පසුගිය දිනෙක ඒ සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡාවක්ද පවත්වා තිබෙන අතර එම පිරිසට සාමාජික පක්ෂවල නායකයන් හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ද අයත් වන දැන ගන්නට ඇත.

රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක් ඊට අයත්ය.

දැනට රනිල් වික්‍රමසිංහගේ සහායට පාර්ලිමේන්තුව තුළ සිටින එකම එජාප මන්ත්‍රීවරයා වජිර අබේවර්ධනය. එවන් තත්ත්වයක් තුළ ඉදිරි දේශපාලනික කටයුතු සඳහා ජනාධිපතිවරයාට සහාය දැක්වීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *