ආණ්ඩුව එළවන්න එජාපය සජබෙ ජවිපෙ සහ දෙමළ මුස්ලිම් පක්ෂ එකතු විය යුතුයි…! – රුවන්…

December 1, 2021 at 1:26 pm | by emanisa.lk

ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියලු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.

විපක්ෂයේ කණ්ඩායම් බෙදී සිටිම ආණ්ඩුවට වාසියක් වුවත් ජනතාවට අවාසියක් බව කී රුවන් විජයවර්ධන, ජනතාව ගැන සිතන්නේ නම් විපක්ෂය කළ යුත්තේ බෙදී වෙන්වී සිටීම නොව ජනතාව වෙනුවෙන් එකම වේදිකාවකට පැමිණීම යැයි ද  පෙන්වා දුන්නේය.

අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් රුවන් විජයවර්ධන මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස