පළාත් සභා ඡන්දය දිනා සජිත් ජනපති කරන සටන පටන් ගන්නවා…! – සජබ මහ ලේකම්..

January 6, 2022 at 5:49 pm | by emanisa.lk

රුපියල් පන්දහසකින් ජනතාව රවටා මැතිවරණයකට සැරසෙන ආණ්ඩුවට හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණයත් සමග සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුක් පිහිටුවීමේ විජයග්‍රහී ගමන ආරම්භ කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

දූෂණයෙන් වංචාවෙන් තොර අවංක පිරිසිදු ජනතාව ගැන කැක්කුමක් ඇති කණ්ඩායමක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටින බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේය.

වෘත්තිය සමිති අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ සඳහා සමගි ජනබලවේගය සූදානමින් සිටින බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස