රාජිතගේ වංචා වහන්න දත්ත මකා දැමූ බව පිළිගන්න බෑ….! – රවී කුමුදේශ්….

September 22, 2021 at 5:16 pm | by emanisa.lk

ඖෂධ මිල දී ගැනීමට මිල කේවල් කිරීම සහ හදිසි මිල දී ගැනීම් සඳහා වන තීරණ ඖෂධ නිතීගත සංස්ථාව සහ ඖෂධ සැපයීම් අංශය හරහා සිදුවන බැවින් පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන ඖෂධ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලට ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම බලපාන්නේ කෙසේදැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන රටට පැහැදිළි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දමා ඇත්තේ පසුගිය රජයේ ඖෂධ හොරකම් කළ කණ්ඩායම් බව පෙන්වා දෙමින් උපායශීලී ලෙස ගැටලුව වෙනතකට යොමු කිරීමේ උත්සහයක් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්වේ දී කළ කථාවෙන් පෙනෙන බවත් ප්‍රධාන කරුණු දෙකක් සැලකීමේ දී අමාත්‍යවරයාගේ හේතු දැක්වීම පදනම් විරහිත බව පෙනී යන බවත් රවී කුමුදේශ් කියයි.

ඖෂධ නියාමන අධිකාරිය ENMRA පද්ධතිය හරහා කටයුතු නිල වශයෙන් 2020 ජුලි මාසයේ සිට කටයුතු ආරම්භ කළ ද එම මාස හයක කාලයක් සඳහා එම පද්ධතියට සමාන්තරව සාමාන්‍ය ක්‍රමය ද භාවිත කිරීමෙන් පසුගිය රජය සමයේ ඖෂධ අක්‍රමිකතා සහ ENMRA දත්ත අතර සෘජු සම්බන්ධතාවක් නොමැති යැයි පෙනෙන බවත් පසුගිය රජය සමයේ සිදුවූවා යැයි කියන පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ මිල දී ගැනීමේදී සහ හදිසි මිල දී ගැනීමේ වංචා වසා ගැනීම සඳහා මෙම දත්ත මැකීම සිදු කළේ යැයි පවසන්නේ කුමන පදනමකින් ද යැයි රවී කුමුදේශ් ප්‍රශ්න කරයි.

මෙම ගැටලුව විසදාගන්නා තෙක් හෝ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඇමතිවරයාගේ පාලනයෙන් ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස