කොවිඩ් බෙහෙත් හදනවා නම් අපෙන් අවසර ගන්න ඕන…! ඕන ඕන විදිහට බෙහෙත් හදන්න බෑ…! – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

June 21, 2021 at 11:56 am | by emanisa.lk

කොවිඩ් සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සොයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරයි.

එම ක්‍රියාපිළිවෙත අනුගමනය නොකරන වෛද්‍යවරුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කොවිඩ් ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය යවන වෛද්‍යවරුන් පිළිබඳව ජනතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත්  ලිපිනයට යොමු කළ හැකි බව ද මහාචාර්යවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස