රාජ්‍ය ඇමැති විදුර සහ විජයදාස අයවැයට එරෙහි වෙති…! එරෙහිව විනය පියවර ගන්නැයි ඉල්ලීම්…!

November 27, 2021 at 3:00 pm | by emanisa.lk

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට සහභාගී නොවු විදුර වික්‍රමනායක රජ්‍ය අමාත්‍යවරයා හා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි පොදුජන එක්සත් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

මෙම ඡන්ද විමසීමේ දී  රජයට පක්ෂව ඡන් 153ක් ලැබී තිබුණි.

මන්ත්‍රීවරුන් තිදෙනකු අසනීප තත්ත්වය නිසා ඡන්ද විමසීමට නොපැමිණ බව දැනුම් දී තිබුණ අතර විදුර වික්‍රමනායක හා විජයදාස රාජපක්ෂ ඡන්දයට එන බව කලින් දැනුම්දී තිබුණත් නියමිත අවස්ථාවේ ඡන්දය පාවිච්චි කිරිමට පැමිණ නොසිටි බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු යම් විනයක් ඇතිව පක්ෂයේ වැඩ කටයුතුවලට සහභාගී විය යුතු බවට තීරණය කර ඇති නිසා මෙම දෙදෙනා සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇතැයි ද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *