අවු. 05න් ලැබෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි..! විශ්‍රාම වැටුප් අඛණ්ඩව දෙවරක් දිනුවොත් විතරයි..!

November 12, 2021 at 3:12 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා සම්පූර්ණ කළයුතු අඛණ්ඩ වසර ගණන 5කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2022 අයවැය මගින් යෝජනා කරයි.

ඒ අනුව දැනට වසර 5ක්ව පවතින එම කාල සීමාව වසර 10ක් දක්වා වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

මෙය ජනාධිපතිවරයාට ද අදාළ වන පරිදි නීති සංශෝධන සැකසීමට ද යෝජනා කළ බව පවසන බැසිල් අමාත්‍යවරයා විපක්ෂයේ උසුළු විසුළු මධ්‍යයේ සිනාසෙමින් කියාසිටියේ ‘අපේ පක්ෂයේ දෙන්නෙකුටම තමා නැතිවෙන්නේ’ යනුවෙනි.

එසේ ම රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාව ලීටර් 5කින් අඩු කිරීමට ද රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු. 65 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *