ආණ්ඩුව නැවතත් සිය බලය පෙන්වයි…! අයවැය දෙවන වර කියවීම 2/3න් සම්මතයි…!

November 22, 2021 at 6:13 pm | by emanisa.lk

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් අද (22) පස්වරුවේ සම්මත විය.

විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.

ඉන්පසු අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට ආරම්භ කෙරිණ. මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන 7කි.

දෙවැනි වර කියවීමේ විවාදය අවසන් වීමෙන් පසු අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය. අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *