රාජ්‍ය සේවකයන් බහුතරයක් රැකියාවලින් ඉවත් කරාවි සහ ඔවුනට මාසික වැටුප් ගෙවීමට නොහැකිවේ යැයි මත පළවෙද්දී මෙවර අයවැයෙන් රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකිවීම විශිෂ්ට ජයග්‍රහණයක් යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුව අලුතෙන් ඇමැතිතුමාලා සමග දිවුරුම්දීමෙන් පසු ඒ අභියෝගයට මුහුණ දෙන දුෂ්කර කාල පරිච්ඡේදයක් අපි ගත කළා. අප වෙත නොවේ අපට වැඩිය අපේ රටේ ජනතාව. නමුත් මා ඉතාම විශ්වාසයෙන් යළිත් සඳහන් කරනවා, දැන් අපි ඉන්නේ ස්ථාවරභාවය සහ වර්ධනය කියන ගමන් අවස්ථාවකට පැමිණෙන්න පුළුවන් තත්වය සකස් කරගෙන. එය මා විතරක් නෙවෙයි ජාත්‍යන්තර හා අපේ රටේ මේ ක්ෂේත්‍ර කරුණු සමීක්ෂණය කරන සෑම ආයතනයක්ම ද ප්‍රකාශ කර තිබෙනවා.
මා මුලින්ම අප රට ගොවි ජනතාවට යළිත් වරක් ගිය වසරේත් අපි විශ්වාසය තිබ්බා ගොවි ජනතාව කෙරෙහි, මේ අර්බුදකාරී කාලයේත් විශ්වාසය තිබ්බා, ආහාර අස්වැන්න ලබා දීමට පුළුවන් කමට ගොවි ජනතාවට පැමිණෙන්න පුළුවන් වුණා. ඒ සඳහා ඇති කළ සහයෝගයන් මධ්‍යයේ. එය ජාතියට විශාල රුකුලක් වුණා. ජාත්‍යන්තර සාකච්ඡාව තිබුණේ ආහාර දුර්ලභ වී අපි භයානක සාගින්නකට මුහුණ දෙනු ඇතැයි කියා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ අනිත් ක්ෂේත්‍ර ජනාධිපතිතුමා අය වැය ලේඛනය ඉදිරිපත් කරනකොට කිව්වා, ඒ ආකාරයෙන්ම යථා තත්ත්වයට ගේන්න හා ජාත්‍යන්තර විශ්වාසය ඇති වුණා.
අපි ආරම්භ කරපු මූලික සාකච්ඡාවට ජාත්‍යන්තර ප්‍රජාව සමග ඊට සහයෝගය දුන්නු සියලු ආයතන අයිඑම්එෆ්, ලෝක බැංකුව ඒ සියලු ආයතන හා විශේෂයෙන් ඉන්දියාව, මහජන චීනය, ජපානය හා පැරිස් ක්ලබ් මෙම්බර් ඒ වාගේම වෙනත් ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි යළි හිස එසවිය හැකි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් විශ්වාසය පළ කළා. ඒ විශ්වාසය පළ කිරීම නිසා ජාත්‍යන්තරව අපි මුහුණ දෙමින් තිබුණු මූල්‍ය හා අපට අවශ්‍යව තිබුණු සහයෝගය වර්ධනය කරගන්න පුළුවන්කමට අපි පැමිණියා.
ඒ නිසා ඒ කාරනාවල් පසුබිම් කරගෙන තමයි අපි අද මේ අයවැය ලේඛනයන් සාකච්ඡා වෙන්නේ. කිසිම රාජ්‍ය සේවකයෙක් අපි රැකියාවලින් දොට්ට දැම්මේ නෑ. අයින් කළේ නෑ. එය සම්ප්‍රදායට බලාපොරොත්තු වුණ දේ නෙවෙයි, බලාපොරොත්තු වුණ දේ තමයි විශාල ප්‍රමාණයක් දහතුන් ලක්ෂයෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවයි. පඩි ගෙවන්න බැරි වෙයි කියන ප්රශ්නය.
විශේෂයෙන් ජීවන වියදම. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ 10,000කින් එය වැඩිකරලා තිබෙනවා. මේ අමාරුකම් මධ්‍යයේ මූල්‍ය කළමනාකරණයේ තිබෙන අභියෝග ජයගනිමින් තමයි මෙය කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු අයවැය ලේඛනය සාකච්ඡා කරන වෙලාවේ මා විශේෂයෙන් අපේ රටේ වැඩකරන ජනතාවට සම්බන්ධ මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය සේවකයින් 13 ලක්ෂයක්, ඒ වගේම අස්වැසුමින් තුන්වරක් මේ ප්‍රමාණය වැඩි කරන කොට, ඒ වාගේම අපේ රටේ අනිත් ක්ෂේත්‍ර මෙයට අන්තර්ගත වෙනවා. අස්වැසුම කිව්වහම විශාල ක්ෂේත්රයක්. වැඩිහිටියන්ගේ දුර්වල කොටස් විවිධ ආබාධිතයන්, ඒ වාගේම වකුගඩු රෝගාතුරව සිටින අය, ඒ වාගේ විශාල කොටසකට මේ සහන දෙනවාට ඔබලා විරුද්ධ ඇයි? ඔබලා මේවා අනුමත කරනවා නම් මේ ජාතක පාර්ලිමේන්තුවේ හැසිරෙන ජාතික විශේෂ අවස්ථාවකදී හැසිරීමයි. එසේ නොකොට කිසිවක් වෙන්නේ නෑ කියන කතාව අසත්‍ය බව ප්‍රකාශ කරන්න කැමතියි.