රාජපක්ෂ-වික්‍රමසිංහ ඩීල් එකේ මහ මොළකරු හරීන්…! ඩීල් දැම්මේ සජිත් ළඟ ඉන්න ගමන්…!

March 5, 2023 at 9:28 am | by emanisa.lk

අරගලය තීව්‍ර වූ මැයි 09 වෙනිදා සිට මැයි 12 වෙනිදා දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය භාර ගන්නා තුරු ම හරීන් ප්‍රනාන්දුට වැඩි ම දුරකතන ඇමැතුම් ලැබී ඇත්තේ නාමල් රාජපක්ෂගෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සජබ විධායක සභා රැස්වීම්වල සිට දුරකතන ඇමැතුම් ලැබෙන විට හරීන් ප්‍රනාන්දු එළියට ගිය බව ද හෙතෙම ප්‍රකාශ කරයි. හරීන් ප්‍රනාන්දු සජබයේ සිටිය ද දිගට ම රාජපක්ෂලා සමග ඩීල් දැමූ බවට ද මුජිබර් චෝදනා කරයි.

ජනතා අරගලය පවා දී ජනතා ද්‍රෝහීන් බවට පත්ව දැන් කයිවාරු නොගසන ලෙස හරීන් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කළේය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් වත්තල පැවැති ජන හමුවක දී මුජිබර් රහුමාන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *