ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.8ක් වනු ඇතැයි ද ඒ අනුව නැවත ආර්ථික වර්ධනය ඉහළ යාම ආරම්භ කර ඇතැයි ද අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.
ඒ අනුව 2001 මෙන්ම තව වසර දෙකකින් ආර්ථික වර්ධන වේගය 6.8ක් දකවා ඉහළ නැංවිය හැකි බව ද ඇමතිවරයා පැවසීය. එපමණක් නොව ගෘහයක මධ්‍යස්ථ වියදම රු. 77 000ට වැඩි වී ඇති බව ද එය මහින්ද රාජපක්ෂ යුගයේ 45000ක් වූ බව ද ඇමතිවරයා හෙළි කළේය.