මේ ආණ්රඩුව ටේ සම්පත් පිටරැටියන්ට විකිණූ සියලු ගිවිසුම් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ අහෝසියි!

June 29, 2019 at 6:20 pm | by emanisa.lk

මෙරට රාජ්‍ය සම්පත් විදෙස් රටවලට විකිණීම සඳහා අත්සන් තබා ඇති සියලු ගිවිසුම් මාස 4කට පසු බිහිවන නව රජය යටතේ අහෝසි කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

යම් ආකාරයකින් මෙරට රාජ්‍ය සම්පත් විදෙස් රටවලට විකිණීම සඳහා තීන්දු ගෙන තිබුණද එම තීන්දු අහෝසි කිරීමටද නව රජය මඟින් කටුයුතු කරන බව හෙතෙම පවසයි.

මේ වන විට රටේ ජනතාවගෙන් සියයට අසූවක්ම පවතින රජයට විරුද්ධ බවත් රටට වැඩදායී නව රජයක් බිහිකිරීම ජනතාවගේ එකම අපේක්ෂාව වී ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස