රනිල් මුදල් විශුද්ධිකරණය ගැන කියන්නේ බොරු….! රට අළු ලැයිස්තුවට සහ අසාදු ලේඛනයට දැම්මේ යහපාලන කාලේ…! – කබ්රාල්…

April 27, 2021 at 10:25 am | by emanisa.lk

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සත්‍යයෙන් තොර ප්‍රකාශ සිදු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව 2011 දී Financial Action Task Force (FATF) විසින් අසාදු ලේඛනයට ඇතුළත් කර 2015 දී අළු ලැයිස්තුවට ඇතුළත් කර පසුව 2019 දී සියලු ලැයිස්තුවලින් ඉවත් කරන ලද බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

එහෙත් නිවැරදි තත්ත්වය නම්, 2014 අවසානය වන විට ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම සමඟ සටන් කිරීම (AML/CFT) සඳහා අදාළ FATF ලැයිස්තුවක නොසිටීම බව යැයි රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, FATF ශ්‍රී ලංකාව එහි “අළු ලැයිස්තුවට” ඇතුළත් කළ අතර යුරෝපා සංගමය (EU) 2017 දී රට අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙන අතර FATF සහ EU අවසානයේ දී ශ්‍රී ලංකාව 2019 දී ‘අළු ලැයිස්තුවෙන්‘ සහ 2020 මැයි මාසයේදී අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස