රණවිරුවන් දිනාදුන් විජග්‍රහණය සුරැකෙන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දිය යුතුයි….! – ගෙවිඳු…

May 18, 2021 at 8:05 pm | by emanisa.lk

බෙදුම්වාදී කොටි ත්‍රස්ත්‍රවාදය පරාජය කර, රට එක්සේසත් කරමින්, රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සුවිශිෂ්ට ජයග්‍රහණයට ඔබින ව්‍යවස්ථාවක් හඳුන්වා දීම වර්තමාන පාර්ලිමේන්තුවේ යුතුකම බව යුතුකම සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

2009 මැයි මස 18 වෙනි දා කොටි ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කිරීමේ විජයග්‍රහණයේ 12 වන සංවත්සරය යෙදෙන අද (18) දින පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

“අද අපේ විජයග්‍රහණයේ දවසයි. නිදහසින් පසු අපේ මාතෘභූමිය වාර්තා කළ සුවිශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කළ දිනයයි.

ඒ සඳහා ජීවිත පරිත්‍යාග කළ රණ විරුවන්ට, ඒ සඳහා දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපගේ දේශපාලන නායකත්වයට සහ ඒ සඳහා විවිධාකාර කැප කිරීම් කළ අපේ රටේ සකලවිධ ජන වර්ගවලට අයත් සියලු ම ජනතාවට අපගේ ප්‍රණාමය පුද කරනවා.

ඒ වගේ ම ඒ සුවිශිෂ්ට ජයග්‍රහණයට සරිලන නව ව්‍යවස්ථාවක් සම්මත කර දීම වගේ ම ඒ සුවිශිෂ්ට ජයග්‍රහණය පදනම් කර ගනිමින් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම මේ ගරු සභාවේ යුතුකම බව ද සිහිපත් කරන්න කැමතියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *