රට ම වහන්නේ නෑ….! නමුත් ආසාදිතයින් බහුල ප්‍රදේශ ලොක්ඩවුන් කරනවා…! සති අන්තයේ ගෙදර ඉන්න….! – හමුදාපති…

April 23, 2021 at 5:52 pm | by emanisa.lk

මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය.

ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *