රට බේරගන්න පුළුවන් බැසිල්ට පමණයි..! ඔහු පාර්ලිමේන්තු පැමිණ ආණ්ඩුවට නායකත්වය දිය යුතුයි..! කනක…

February 17, 2021 at 2:10 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව පිවිසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයන්ගේ එක ම බලාපොරොත්තු බව රාජ්‍ය ඇමති කනක හේරත් පවසයි.

විධිමත්ව සහ කාර්යක්ෂමව රට බේරා ගැනීමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂට බව ද පැවසූ ඔහු ඒ සඳහා බැසිල් රාජපක්ෂ ඉක්මනින් පාර්ලිමේන්තු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

රඹුක්කනදී පැවති ජන හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

සාම්ප්‍රදායික දේශපාලන ආකෘතිවලින් ගැලවුණු දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය බව ද එය ඉටු කිරීමට නම් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය දිය යුතු බව ද ඔහු තව දුරටත් පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *