රට පුරා වෙළෙඳසැල්වල දැඩි තදබදයක්! සතොස අසල දිගුපෝලිම්! සැමන් පරිප්පු හිඟයි!

March 20, 2020 at 11:11 am | by emanisa.lk

අද හවස 6 සිට සඳුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව නිවේදනය කිරීමත් සමග රට පුරා සතොස, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු වෙළෙඳසල්හි දැඩි තදබදයක් ඇතැයි වාර්තා වෙයි.

බොහෝ වෙළෙඳසැල්හි පරිප්පු සහ සැමන් හිඟ අතර පරිප්පු සැමන් මිල දී ගැනීම සඳහා සතොස අසල දිගුපෝලිම් දැකගත හැකිය.

එසේම බැංකු අසල ද බැංකුවලින් මුදල් ලබා ගන්නා ටෙලර් මැෂින් අසල ද පෝලිම් දැකගත හැකි අතර භාණ්ඩ රැගෙන යාම සඳහා පැමිණි ජනතාවගෙන් බොහෝ නගර සහ ව්‍යාපාරික ස්ථාන කාර්යබහුල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස