ජනපතිගේ ජාතිය ඇමතිල්ල මෙලෝ රහක් නෑ! ජනතාවට ගයිඩ්ලයින්ස් දුන්නේ නෑ! සමන් පරිප්පු විතරයි!

March 18, 2020 at 2:08 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (17) දින ජාතිය අමතා සිදුකරන ලද කතාව බෙහෙවින් ප්‍රාමික තත්ත්වයේ පැවති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කරයි.

මෙවන් වසංගත තත්වයකදී සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ සේවකයන් ජීවිතය පරදුවට තබා සිදු කරන සේවය අගය කිරීමක්, ඔවුන් දිරිගැන්වීමක් ජනාධිපතිවරයා නොකළ බවටද ඔහු චෝදනා කරයි.

වසංගතය හමුවේ රටවැසියන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මාර්ගෝපදේශයක් ලබාදී නැතැයිද ඔහු චෝදනා කරයි.

පරිප්පු, සැමන් සහ ඡන්දය ගැන පමණක් එම කතාවේදී ජනාධිපතිවරයා අදහස් පළ කළ බව ඔහුගේ අදහසය.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හිටපු මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස