රට පටලන්න ගිය රැට්ටා අලි අමාරුවක…! ගිණුමට ලක්ෂ 50 දැම්මේ ඇනෝනිමස්ලා නෙමෙයි යාළුවෙක්…! යාළුවා CIDයට කට්ටි පනී…!

August 19, 2022 at 9:28 am | by emanisa.lk

අරගල නායක රැට්ටා හෙවත් රතිඳු සේනාරත්නගේ බැංකු ගිණුමට රු. ලක්ෂ 50ක් තැන්පත් කර ඇත්තේ ඔහුගේ මිතුරෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 12 වෙනිදා හවස 6ට පමණ මෙම මුදල ඔහුගේ සම්පත් බැංකු ගිණුමට යොමු කර තිබිණි.

එය තමන්ගේ මුදලක් නොවන බවත් තමන්ට ලැබීමට තිබූ මුදලක් නොවන බවත් ගිණුම්කරණය පිළිබඳ උගතෙකු වන තමා මෙවැනි කූඨ උපක්‍රමවලට හසු නොවන බවත් රැට්ටා එදිනම වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළ අතර බැංකුවට ද පැමිණිලි කර තිබිණි.

තමන්ගේ පෞද්ගලික මුදල් වැය කරමින් අරගල කළ තමාට මූල්‍ය අපරාධ චෝදනා නඟා අත්අඩංගුවට ගැනීම සඳහා යොදා ඇති උගුලෙහි තමා නොවැටෙන බවයි.

රැට්ටාගේ ගිණුමට අදාළ මුදල තැන්පත් කළ පුද්ගලයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්න ද මෙතෙක් ඔහු පැමිණ නැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *