ගෝඨාගෝගම අරගල ප්‍රධානී රැට්ටා අත්අඩංගුවට…!

May 30, 2022 at 6:49 pm | by emanisa.lk

රැට්ටා නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නම් පුද්ගලයා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට සහ තවත් පිරිසකට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *