අධිකරණයට පිටුපෑ රැට්ටා අත්අඩංගුවට…!

August 1, 2022 at 9:28 pm | by emanisa.lk

සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිඳු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත්තේය.

අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා අද (01) පස්වරු 3.50ට පමණ එහි පෙනී සිටියේය.

රතිඳු සේනානායකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණි.

ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඉකුත් මැයි මස 21 දින බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *