පොහොට්ටුකාරයෝ කළ දේ හරි..! රැට්ටෝ පෙරෙට්ටො මෝඩ ජෝකර්ලා…! ජනතාව ඇවිත් මුන්ට ගහල එළවන්න ඕන..! – අරගල නායක සේපාල් අමරසිංහ…

July 16, 2022 at 8:02 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලයේ නායකයා ලෙස පෙනී සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න වචන දෙකක් කතාකර ගත නොහැකි මෝඩ ජෝකරයෙකු බව තවත් ප්‍රධාන අරගල නායකයෙකු වන සේපාල් අමරසිංහ පවසයි.

මේ රටේ ජනතාව ආරම්භ කළ අරගලය මොවුන් විසින් විනාශ කර දමමින් ඇති බවත් එය බලවත් අසාධාරණයක් බවත් ඔහු සඳහන් කරයි.

මෙවැනි මෝඩයින්ට ලංකාවේ ජනතාව ඇන්දෙන බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද සිටින්නේ මොවුන් සමග බවටත් සේපාල් අමරසිංහ චෝදනා කළේය.

ඔහු පවසන්නේ, පොහොට්ටුවේ පිරිස පැමිණ මොවුන්ට පහර දීම ඉතා ම හොඳ වැඩක් බවත් තමන් දැන් විරුද්ධ රාජපක්ෂලාට හෝ රනිල් වික්‍රමසිංහට නොව රැට්ටා ඇතුළු අරගලකරුවන්ට බවත්ය.

මේ රටේ ජනතාව පැමිණ රැට්ටා ඇතුළු කණ්ඩායම මෙම අරගල භූමියෙන් එළවා දැමිය යුතු බව ද සේපාල් අමරසිංහ ප්‍රකාශ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *