අතීත නායකයන් මාතෘ භූමිය ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන් කිසි ලෙසකින් හෝ අමතක නොකළ යුතු බවත් මේ අධිෂ්ඨානය රට ජයග්‍රහණයෙන් විජයග්‍රහණයට ගෙනයාමේ අලුත් විශ්වාසයක් ගොඩනැගීමේ අභිප්‍රාය සඳහා කැපවන්නට බවත් මහජන එක්සත් පෙරමුණ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ දී තිස්වන වරටත් සංවිධානය කළ මහා සත්‍යක්‍රියාව හා අධිෂ්ඨාන පූජාවට එකතු වෙමිනි.
“අපේ රටේ සම්බුද්ධ ශාසනයේත්, මාතෘ භූමියේත් ඒකීයභාවය සඳහා මේ පින්කම වසර 30 ක් පුරා අඛණ්ඩව පවත්වනු ලබනවා.
ඒ තුළින් මහා සඟරුවනගේ ආශීර්වාදය මහ ජනතාවට සහ ජාතියට ලබාදීම සඳහා දායක වූ සැම ගෞරවයෙන් සිහිපත් කරනවා. අපවත් වී වදාළ අලුත්වල සෝරත නායක ස්වාමීන් වහන්සේ අප සිහිපත් කරනවා.
කිරිවෙහෙර මහා පුණ්‍ය භූමිය, ශතවර්ෂ ගණනාවක අධිෂ්ඨාන ශක්තියෙන් අපේ ජාතිය ඔපවත් කළා. ඒනිසාම තිස් වසරක් පුරා අඛණ්ඩව මෙම පින්කම පවත්වාගෙන යාමට අපට පුළුවන්කම ඇති වුණා.
දුක්බර සහ සැහැල්ලු අවස්ථාවන් හරහා මේ පින්කම් මාලාව අඛණ්ඩව ගෙන යාමට මහා සඟරුවන දක්වන ලද ආශිර්වාදය රටේ විවිධ ජාතික සංවිධාන අපත් සමග එකතු වීමෙන් දැක්වූ ආශිර්වාදයේ ගොනුව ජයග්‍රහණයෙන් ජයග්‍රහණයටත්, අලුත් විශ්වාසයක් ඇති කිරීමටත්, රටක් ගොඩනැගීමේ අභිප්‍රාය සඳහා කැපවන්නටයි.
කුමන කරදර බාධක මධ්‍යයේ වුවත්, අපි වසර තිහක් පුරා අඛණ්ඩව මේ මහා පින්කම පවත්වනු ලැබුවා. අපේ රටේ අමාරු කාල පරිච්ඡේදයන් තුළ රටේ හිටපු නායකයින් මාතෘ භූමිය ආරක්ෂා කරන්නට ගනු ලැබූ උත්සාහයන් අප කිසි ලෙසකින් අමතක කරන්නේ නැහැ. මේ පුණ්‍ය භූමිය වටා ඇති කරන ලද පින්කම් මාලාවන් රට පුරා ගමින් ගමටත් එලෙසම සිදුවුණා.
මාතෘභූමියේ එක් සේසත්කම ඇති කරන්නට දිවිඳුන් උතුම් රණවිරුවන් අපි අදත් සිහිපත් කරනවා. මහා පරිත්‍යාගයන්ගේ ජයග්‍රහණයන් මත අදත් රට එක්සේසත්ව පවතිනවා. විශේෂයෙන් අමාරු කාලපරිච්ඡේදයකට මුහුණ දුන් අපේ ජනාධිපතිවරු සියලු දෙනා ඇති කළ තත්ත්වය ආරක්‍ෂා කර ගැනීමට මහජනතාව බැඳී සිටිනවා.
අද දින මේ ලබා දෙන ප්‍රතිඥාව පරිදි අපේ රටේ ගොවි ජනතාවටත්, අපේ රටේ වැඩ කරන ජනතාවටත්, අපේ තරුණ, ශිෂ්‍ය සහ කාන්තා පරම්පරාවටද අනාගතය වඩාත් විශ්වාසවන්ත බවට පරිවර්තනය කිරීමටත් හැකිවේවා කියා අප අධිෂ්ඨාන කරනවා.
කඩා වැටුණු රටක් එලෙස පරිවර්තනය කරන්නට යෙදෙන දැවැන්ත සමගිය සහ උත්සාහය සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්යය මේ මහා පින්කමින් ඇති වේවා.”